අපගේ මෙහෙවර
සාමාජිකත්වය ප්‍රමුඛ කරගත් බල ප්‍රදේශයේ සමස්ත ප්‍රජාවගේ ආර්ථික, සමාජීය, සංස්කෘතික හා අධ්‍යාපනික සංවර්ධන ඉලක්ක අරමුණු ඉටුකරගනිමින් වඩා යහපත් හා කාර්යක්ෂම වූ කුලියාපිටිය කොට්ඨාසයේ ආදර්ශමත් වූ තිරසාර ජනෝදාන සමූපකාර සමිතිය බවට පත්වීමයි.
ජනෝදාන මෙහෙවර
සමූපකාර ප්‍රතිපත්ති තුළ ජනතාව ගොනුකර ගනිමින් සමාජ ආරක්ෂණ ක්‍රියාවන් තුළ කුටුම්භ සංරක්ෂණයටත් සකසුරුවම් ප්‍රවර්දනය මගින් ප්‍රාග්ධන මූලෝපායන් ජනිත කිරීමටත් නිෂ්පාදන වෙළඳ සේවා අංශ බල ගැන්වීම පහසුකම් සලසා දීම මගින් රටේ ආර්ථික සංවර්ධ ක්‍රියාවලියට සක්‍රීය දායකත්වය ලබාදීමයි.
සමූපකාර ප්‍රතිපත්ති
රොඩ්ඩේල් පුරෝගාමීන් විසින් 1844 දී පිළිගත් සමූපකාර ප්‍රතිපත්ති අවස්ථා කීපයකදී එනම්, 1937, 1966, 1955, සංශෝධනය වූ අතර අවසන් වරට 1995 මැන්ටෙස්ටර් ජාත්‍යන්තර සමූපකාර සම්මේලනයේ දී සම්මත කරගත් සමූපකාර ප්‍රතිපත්ති 07 කි.
- විවෘත හා ස්වෙච්ඡා සාමාජිකත්වය
- ප්රජාතන්ත්රවාදි සාමාජික පාලනය
- සාමාජික ආර්ථික සහභාගීත්වය
- ස්වෛරීභාවය හා ස්වාධීනත්වය
- අධ්‍යාපනය පුහුණුව හා තොරතුරු
- සමූපකාර, සංවිධාන අතර සහයෝගය
- ප්‍රජාව කෙරෙහි දක්වන අනුවේදිතාවය
සමූපකාර ආචාරධර්ම
සමූපකාර සංවිධානව සාමාජිකයින් විසින් අනුගමනය කල යුතු ධර්ම යනු, ජාත්‍යන්තර වශයෙන් සමූපකාර ව්‍යාපාරය සඳහා පිළිගනු ලබන වටිනාකම්ය, සමූපකාර ව්‍යාපර මානව සමාජයට හඳුන්වාදීමේ මෙම ව්‍යාපරයේ පුරෝගාමීන් විසින් “මෙය මෙසේ විය යුතුයයි” පෙන්වා වුන් සංකල්පය ආචාරධර්ම ලෙස හැඳින්වේ.
සමූපකාර ව්‍යාපාරය තුළ පිළිගැනෙන ආචාර ධර්ම 04 ක් 1895 සමූපකාර පිළිබඳ අනන්‍යතා ප්‍රකාශනය මගින් පිළිගෙන ඇත.
- අවංකභාවය - Honesty
- විවෘතභාවය - Openness
- සමාජ වගකීම - Social Responsibilities
- අන්‍යයන් රැකබලා ගැනීම- Caring for other
අධ්‍යක්ෂ මණ්ඩලය
ගරු සභාපති
S. රංජිත් ධර්මසිරි
ගරු උප සභාපති
S.A ජානක පුෂ්ප කුමාර ජයකොඩි
ලේකම්
R.H. ප්‍රියන්ති කුසුම්
ගරු අධ්‍යක්ෂ
H.D අමිත් හඳුගල
ගරු අධ්‍යක්ෂ
E. නිරුදිකා දිල්ශානි
ගරු අධ්‍යක්ෂ
E.A ඉරාෂි ප්‍රියදර්ශනී
ගරු අධ්‍යක්ෂ
K.A සාගරිකා දමයන්ති
ගරු අධ්‍යක්ෂ
R. රෝහිනී ගුණවංශ
කාර්යය මණ්ඩලය
කළමණාකරු
WM සුධර්මා කුමාරි වීරකෝන්
කළමණාකරණ සහකාර
E ඉනෝකා දමයන්ති
කළමණාකරණ සහකාර
HR ධම්මිකා ප්‍රියදර්ශණී ලංකාතිලක
සභාපතිතුමා
නම :- S. රංජිත් ධර්මසිරි
ලිපිනය :- අකරවත්ත, මූණමල්දෙනිය
දුරකථන අංකය :- 070-6700001
සී/ස අකරවත්ත ජනෝදාන සංවර්ධන සමූපකාර සමිතියේ ආරම්භක අංක 01 සාමාජිකයා වන මෙතුමා ප්‍රථම සභාපතිවරයා ද වන අතර එක් වර්ශයකදී හැර 2013/07/28 දින සිට අද දක්වාම කටයුතු කරන සභාපතිවරයාද වේ. වසර 09ක් වැනි කෙටි කාලයක් තුලදී 700 කට ආසන්න සාමාජික සංඛ්‍යාවකින් යුත් 03 දෙනෙකුගෙන් යුත් කාර්යය මණ්ඩලයක් සහිත කෝටි 10 කට ආසන්න වත්කමකින් යුත් සාමාජිකයින්ගේ ජීවන ගමනට ප්‍රබල අත්වැලක් සපයන සංවිධානයක් ලෙස සමිතිය ගොඩ නගන්නට දූරදර්ශී නායකත්වයක් සපයා ඇත. වසර 40 කට වැඩි සමාජ අත්දැකීම් සහිත තැනැත්තෙක් වීම නිසා මොහුගේ නායකත්වය සමිතිය ගොඩ නගන්නට ශක්තිමත් පදනමක් විය.
සභාපතිතුමා ලබා ඇති සමාජ අත්දැකීම්
- වසර 34 ක සේවා කාලයක් සහිත නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු සහ ගුරුවරයෙක් වීම.
- ජනෝදාන ජාතික සංගමයේ අධ්‍යක්ශකවරයෙක් ලෙස කටයුතු කර තිබීම.
- සී/ස පඬුවස්නුවර නව විවිධ සේවා සමූපකාර සමිතියේ වසර 11 අධ්‍යක්ශකවරයෙක් ලෙස කටයුතු කරන අතර වසර 1 1/2 සභාපතිවරයා ලෙස කටයුතු කර තිබීම.
- 2010 වසරේ සිට වසර 12ක කාලයක් දිවයිනටම බලපවත්වන පරිදි සාම විනිසිරුවරයෙක් ලෙස කටයුතු කිරීම.
- ජාතික තරුණ සේවා සභාවේ පඬුවස්නුවර ආසන බල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස 1990/92 වර්ශවල කටයුතු කර තිබීම.
- පඬුවස්නුවර ආසනයේ ලාබාලතම ප්‍රාදේශීය මණ්ඩල සභාපතිවරයා ලෙස 1985/86/87/88 වර්ශවල කටයුතු කර තිබීම.
- සී/ස අකරවත්ත සර්වෝදය ශ්‍රමදාන සමිතියේ සභාපතිවරයා ලෙස 1993-2013 වර්ශය කටයුතු කරමින් දිස්ත්‍රික්කයේ හොඳම සභාපතිවරයා ලෙස අවස්ථා කීපයකදීම තෝරා පත්වීම.
- කුලි/දහනැක්ගෙදර මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ භාණ්ඩාගාරික ලෙස 2007-2013 වර්ෂය දක්වා කටයුතු කර තිබීම.
- මූණමල්දෙනිය ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයට අනුබද්ධ කාර්ය සාධක දායක සභාවේ ගණන් පරීක්ෂකවරයා ලෙස කටයුතු කිරීම.
- අකරවත්ත ග්‍රාමයේ පිහිටි අකරවත්ත පැරකුම් අවමංගල්‍යාධාර සමිතිය, එක්සත් ගොවි සංවිධානය, ග්‍රාම සංවර්ධන සමිතිය, පැරකුම් ප්‍රජා මණ්ඩලය ආදි සංවිධාන වල සභාපති, ලේකම්, භාණ්ඩාගාරික යන තරතුරු වරින් වර දරා තිබීම.
උප සභාපතිතුමා
නම :- S.A ජානක පුෂ්පකුමාර
ලිපිනය :- අකරවත්ත, මූණමල්දෙනිය
දුරකථන අංකය :- 077-7070960
සී/ස අකරවත්ත ජනෝදාන සංවර්ධන සමූපකාර සමිතියේ අංක 02 සාමාජික අංකය හිමි මොහු ප්‍රථම උප සභාපතිවරයා ලෙස අද දක්වා කටයුතු කරන අතර 2018 වර්ශයේ දී සමිතියේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත. සභාපතිතුමා සමඟ ශක්තිමත් නායකත්වයක් සපයමින් වසර ගණනාවක් ලද සමාජ අත්දැකීම් සමගින් සමාජික ප්‍රජාවට සේවයක් ලබා දීමට කටයුතු කරමින් සිටී.
උප සභාපතිතුමා ලබා ඇති සමාජ අත්දැකීම්
- අකරවත්ත එක්සත් ගොවි සංවිධානයේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබීම.
- සී/ස අකරවත්ත සර්වෝදය ශ්‍රමදාන සමිතියේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබීම.
- හුණුපොලගෙදර සුභසාධන සංගමයේ මෙතුමා කටයුතු කර ඇත.
කළමණාකාරතුමිය
නම :- W.M. සුධර්මා කුමාරි වීරකෝන්
ලිපිනය :- දහනැක්ගෙදර, මූණමල්දෙනිය
සී/ස අකරවත්ත ජනෝදාන සමූපකාර සමිතියේ සාමාජික අංක 13 දරන ආරම්භක සාමාජිකාවක් වන අතර 2013.07.28 වන දින සිට සමිතියේ කළමණාකාරතුමිය ලෙස ශක්තිමත් මූල්‍ය සංවිධානයක් ගොඩනගන්නට මනා කළමණාකරනයකින් යුත් මූල්‍ය අංශයක් පවත්වාගෙන යන්නට ආදර්ශමත් ක්‍රියාවලියක නිරත වී ඇත. සාමාජික ප්‍රජාවට සුහදශීලි සේවාවක් ලබා දීමත් විශ්වාසනීය පසුබිමක් ගොඩනගාගෙන තිබීමත් ඇයගේ සුවිශේෂී ගුණාංගයකි. වසර ගණනක් ලද අත්දැකීම් හා පුහුණු වීම් පාදක කර ගනිමින් ශක්තිමත් මූල්‍ය සංවිධානයක් ලෙස සමිතිය පත් කිරීමට ඇයගේ ක්‍රියාකාරීත්වය මනා පිටිවහලක් වී ඇත.
කළමණාකාරතුමිය ලබා ඇති පුහුණු හා වෘත්තීය අත්දැකීම්
- සී\ස අකරවත්ත සර්වෝදය මූල්‍ය කේන්ද්‍රයේ කළමනාකාරතුමිය ලෙස වසර 09ක් කටයුතු කර තිබීම.
- සමූපකාර සාමාන්‍ය පෙල සහතික පත්‍ර විභාගය සමත් වීම.
- සමූපකාර උසස් පෙල සහතික පත්‍ර විභාගය සමත් වීම.
- බැංකු කළමණාකරන ඩිප්ලෝමා පාඨමාලාව සමත් වීම.
- පරිඝණක භාවිතය පිළිබඳව පුහුණුව ලබා තිබීම.
ලේකම්තුමිය
නම :- R.H. ප්‍රියන්ති කුසුම්
ලිපිනය :- අකරවත්ත, මූණමල්දෙනිය
දුරකථන අංකය :- 077-0714580
සී/ස අකරවත්ත ජනෝදාන සමූපකාර සමිතියේ සාමාජික අංක 13 දරන සාමාජිකාව ලෙස සමිතියේ ප්‍රථම ලේකම්වරිය ලෙසත් කටයුතු කරන ලදී. වසර කීපයක් ලේකම් තනතුරින් ඉවත්ව සිටියද 2020.11.01 සිට නැවත ලේකම් වරිය ලෙස ශක්තිමත් සමිතියක් ගොඩනගන්නට පූර්ණ කැපවීමකින් කටයුතු කරමින් සිටියි. වසර 15 කට ආසන්න කාලයක් සමාජ ක්‍රියාකාරිනියක් ලෙස ලබා ඇති අත්දැකීම් සාමාජික ප්‍රජාවගේත්, සමිතියේත් දියුණුවට යොදා ගන්නා තරුණ නායිකාවක් ලෙස සංවිධාන ගණනාවක නිළධාරිනියක් ලෙසද කටයුතු කරනු ලබයි.
ලේකම් තුමිය ලබා ඇති සමාජ අත්දැකීම්
- අකරවත්ත පැරකුම් අවමංගල්‍යාධාර සමිතියේ ලේකම්වරිය ලෙසත් කටයුතු කිරීම.
- අකරවත්ත සමෘද්ධි සමිතියේ භාණ්ඩාගාරිකතුමිය ලෙස කටයුතු කිරීම.
- සී/ස අකරවත්ත සර්වෝදය ශ්‍රමදාන සමිතියේ ලේකම් වරිය ලෙස වසර ගණනාවක් කටයුතු කර තිබීම.
- මූණමල්දෙනිය ශ්‍රී සීලරතන දහම් පාසලේ ගුරු දෙගුරු සමිතියේ ලේකම්වරිය ලෙස කටයුතු කර තිබීම.
